වර්ෂ 1975.01.01 දින ගරු ඒ.ජේ.ද.සිල්වා විදුහල්පතිතුමාගේ පුරෝගාමීත්වය ඇතුළු වරාය පාරේ තල්ගස් වලින් පිරී තල්වත්ත නමින් හැදින් වූ අක්කර 5 ක පමණ රමණිය භූමි භාගයක ඉඩි කළ පොල් අතු මඩුවක සිංහල මද්‍ය මහා විද්‍යාලය ඇරඹිණ. 1959.01.05 දින සිට පූජ්‍ය මාදෙල්ගමුවේ නන්දසේන හිමියන් විදුහල්පති ලෙස කටයුතු කරමින් කනිෂ්ඨ විද්‍යාලයක්ව පැවති මෙම විදුහල මහා විද්‍යාලයක් ලෙස දියුණු කර ඇත. එකල මෙම විදුහලින් සිප් සතර හැදෑරු බොහෝ දෙනා වර්තමානයේ විවිද උසස් නිලතල දරන්නෝ වෙති. 1971 වසරේ විදුහල්පතිදූරයේ වැඩ බැලූ බන්දුල එදිරිවීර මහතා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අද්යන කටයුතු පමණක් නොව ක්‍රීඩා, විනය හා විෂය සමගාමී කටයුතු යන අංශ වලින් විශාල සංවර්දනයක් පාසලට අත් කර දී ඇත. 1976.01.21 දින සිට විදුහල්පති ලෙස ටී.බී.ඩී.ආරියසේන මහතා පත් විය. වසර 13 ක පමණ දීර්ඝ සේවා කාලයක ප්‍රගතිය ලෙස උපකරණ සහා ගොඩනැගිලි බොනෝමයක් පාසලට ලැබිණි. ඒ සමග 1979 ඔක්තෝබර් 21 දින සිංහල මහා විද්‍යාලය 1’ඊ ශ්‍රේණියේ මද්‍ය මහා විද්‍යාලයක් ලෙස උසස් කෙරිණ. එවිට ශිෂ්‍ය සංඛ්‍යාව හත්සියයක් පමණ විය. 1983 – 1987 දක්වා කාලය තුළ වරින් වර ත්‍රස්තවාදී ප්රචණ්ඩ ක්‍රියා ඇති විය. අවටබහුතරය ද්‍රවිඩ ජනතාව වීම නිසාම ආරක්ෂාවට එය තර්ජනයක් විය. 1987 සැප්තැම්බර් 30 වන දින යුද්දයක් ගිනිදැල් වලින් විදුහල් ගොඩනැගිලි, ලිපි ලේඛන හා උපකරණ දැවී අළු විය. විදුහල්පතිතුමා හා ගුරු මණ්ඩලය ඇදී වතට පමණක් සීමා වී ජීවිතය රැක ගත්හ. අනතුරුව එතැන් පටන් පාසල ඉන්දියන් හමුදාවේ ලැගුම්හලක් බවට පත් විය. විනාශයට පත් විදුහල නැවත් ගොඩ නැංවීමේ තිර අදිටනින් 1988.05.02 දින විදුහල්පති තනතුරේ වැඩ භාර ගත් එඩ්වඩ් මානවඩු ද සිල්වා විදුහල්පති තුමා කළ සේවය සදානුස්මරණීය වේ. සීසීකඩ විසිර ගිය සිසුන් හා ගුරුභවතුන් එක් රැස් කරමින් එවකට අද්යාපන අද්යක්ෂකව සිටි පැට්ට්‍රික් විජේසූරිය මහතාගේ හා ආණ්ඩුකාර නලින් සෙනෙවිරත්න මැතිතුමාගේත් සම්බන්දීකරණ නිලදාරීව සිටි සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ, පූර්ණ අනුග්‍රහය ඇතිව පාසල තාවකාලිකව ජයසූමනාරාමයේ කුඩා කූඩාරමක් තුළ 1988.06.01 දින අරභන ලදී. 1988.07.01 දින විහාරස්ථානයේ බෝදින් වහන්සේ යට ඉදි කළ කූඩාරමක සිසු දරු දැරියන් 20 දෙනෙකු හා ගුරු මණ්ඩලයේ කිහිපදෙනෙකු එක්කර උසස් පෙළ පංති ඇරඹිය. ජයසුමනාරාමාදිපති පූජ්‍ය සුමනකිත්ත ස්වාමීන්වහන්සේ පාසල පවත්වා ගෙන යාමට ලබාදුන් ශක්තිය කෘතවේදීව සිහිපත් කළ යුතුමය. 1989 සැප්තැම්බර් 22 දා සිට විහල්පති දූරයේ වැඩ භාරගත් පූජ්‍ය පිණිකහනේ අනෝම හිමියන් ප්‍රශංසනීය සේවාවක් පාසලට ඉටු කළේය. මේ වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 150 දක්වා වර්දනය වූ අතර ගුරු මණ්ඩලය 15 කට සීමා විය. 1990.05.07 දින විදුහල නැවත පිහිටි ස්ථානයේ ආරම්භ කිරීමට කටයුතු කෙරිණි. මෙහි පූර්ණ ගෞරවය විදුහල්පති පූජ්‍ය පිනිකහණේ අනොම හිමිපාණන්ට හිමිවේ. ප්‍රාථමික අංශයක් ඇරඹීම මේ වකවානුවේ සිදුවූ විශේෂ සිද්දියකි. ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්දනය වූ අතර ව්ද්යාගාර, පුස්තකාල, ගෘහ විද්‍යාගාර නවීකරණය කිරීම විශේෂිතය. තව ද පෙරදිග තුර්ය වාදක කණ්ඩායම් සැකසීම, බුදු මැදුර ප්තිසංස්කරණය පාසලේ අභිවෘද්දියට හේතු විය. බාල දක්ෂ, සෞබ්යදාන හා ශිෂ්‍ය භට කණ්ඩායම් ක්‍රියාත්මක කෙරිණ. දයානන්ද ජයවීර මැතිතුමා විදුහල්පති ලෙස වැඩ භාර ගැනීම 1996.04.25 දින සිදු විය. තවද භෞතික සම්පත් සමූහයක් එතුමාගේ කැප වීම මත පාසලට ලබා ගැනීමට හැකි විය. එතුමා විද්‍යාලයේ උන්නතිය උදෙසා දැඩි ලෙස කැපවීමෙන් කටයුතු කළ අතර, එතුමාගේ දූරකාලය තුළ සිංහල මද්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත්වීම සුවිශේෂ කරුණකි. අනතුරුව 1998.12.13 දින සිට විදුහල්පති ලෙස පත්වූ ජේ.පී.ගාමිණී මැතිතුමා ව්ද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ අද්යාපනයේ ප්‍රගතිය උදෙසා කළ මෙහෙය ප්‍රශංසාත්මකය. වැඩිම සේවා කාලයක් මේම පාසලේ විදුහල්පති ලෙස එතුමා සේයේ යෙදී සිට ඇත. එම කාලය ශිෂ්‍යත්ත්ව, අ.පො.ස.(සා.පෙළ), (උසස් පෙළ) විභාග ප්‍රතිඵල වල ශීඝ්‍රයෙන් වර්දනය වූ සමයකි. 2016.05.16 දින සිට විදුහල්පති ලෙස පත් වූ ඒ. පි. ජි. සුදත්සිරි ගලප්පත්ති මැතිතුමා මේ දක්වා විදුහල්පති දූරයේ කටයුතු කරන තර ඉගෙනුම් ක්‍රියාවලිය සහ විෂය සමගාමී කටයුතු රැසක නිරතවීමේ අවකාශය සිසුනට උදාකර දී ඇත. තවද විද්‍යාලයීය කාර්යාල සංකීර්ණය ඉදිරිපස ස්ථාවර කොඩි කණු පෙළ ඉදිකිරීම, උද්‍යාන අලංකරණය සහ ක්‍රීඩාගාරය ඉදිකිරීම මෙතුමාගේ පුරෝගාමීත්වයෙන් සිදු වූ විශේෂිත කාර්යයක් ලෙස සදහන් කරමි.






